පහුගිය කාලයේ සිදුවුනු යම් යම් සිදුවීම් නිසාම මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකරන ක්‍රියාදාමය නිසා මේවනවිටත් ලාංකික ක්‍රීඩා
රසවතුන් මහත් කලකිරිමට ලක්ව ඇත.තවමත් ජාතික ගීයේ ගැටලුව හොයනවා වෙනුවට කල්මරණ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පසුවන්නේ නිහඩ තැනකය.රටෙි විශේෂ උත්සව සදහා වෙනදාට රණසිංහ ජනපති පවා යොදාගත්තේ පාසල් සිසුන් වන අතර අනවශ්‍ය වියදම් එයින් අඩුවිය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුව මෙලෙස හිතුවක්කාර ලෙස වැඩකරද්දී අපට සිතෙන්නේ මෙි පිටුපසව ඇත්තේ දේශපාලන හස්තයක් හෝ ඇති බවය. ලක්ෂ 35 ක් කියන්නේ සුලුපටු මුදලක් නොවන අතර ඒ් නිසාම ඔවුන් මෙවන් උත්සව වලට එකතු වූවා විය හැක. රටක ජනපති ලෙස රනිල් මහතා ජාතික ගීයේ සිදුවීම වෙනුවෙන් කිසිදු ප්‍රකාශයක් නොකිරීමට තරම් ජනපති නිහඩවන්නේ මන්ද යන්න සිතා ගත නොහැක. ජනපති සිටින්නේ මීලග ජනපතිවරණය දෙස බලාගෙන ජනතාව සිටින්නේ රටෙි සිදුවන දේවල් ගැන සිතාගත නොහැකිවය.
උමාරාට ලක්ෂ ගණන් ලබාදෙන්නේ ජනතාවගේ සල්ලි වලිනි. ඒ් සල්ලි ගෙවීම් නිසාම අපගේ මහජන මුදල් නාස්තිවන බව කිවිය යුතුමය. සැබෑ ලෙසම අප දැන් ගෙවන්නේ ආර්ථික නිදහසක් නැති රටකය. එසේ ඒවන් රටකට කලාවෙි ඇතැමෙක් හරි හම්බ කරගන්නේ මෙවන් රාජ්‍ය ඉවෙන්ට් වලිනි.උමාරා ජාතික ගීය කීමෙිදී තම කාර්යය හරියට නොකලා නම් සිදුකල යුත්තේ කුමක්ද අදාල මුදල් ටික නැවත ලබාදීමය. එයින් පමණක් ඇයට ගැලවිය නොහැක.එදා නතාෂාට සිදුහත් ට යමක් කීවා යැයි කී නිසා හිරේ යැව්වා නම් උමාරාට එසේ නොකරන්නේ ඇය ලබන වර ඡන්දයට ඉදිරිපත්වන නිසාද යන්න සැකයක් පවතී. එදා මහින්ද ආණ්ඩුව කාලයේ ඉරාජ්, භාතිය සන්තුෂ් යන අයට මුදල් ගෙවා කෝටි ගණන් මිලියන ගණන් වැය කල චන්දන වික්රම සිංහගේ දියණියගේ විවාහයට ලක්ෂගණන් වියදම් කලේද දේශපාලන ඉවෙන්ට් වල සල්ල බව පතල කතාවකි. දැන්වත් මෙි දේවල් නැවැත්විය යුතුය නැතිනම් තවත් නාස්තිකාර ජනපති කෙනෙක් ලෙස පමණක් ලොවට පසක් වනු ඇත.
කතුවැකිය 2023/08/06