Sunday, September 1, 2024
spot_img
Homeකතුවැකියබෙහෙත් ජාවාරම සහ ඡන්ද දායකයා‌ගේ මලගම

බෙහෙත් ජාවාරම සහ ඡන්ද දායකයා‌ගේ මලගම

සෑම රෝහලක් අසලම මල්ශාලාවක් තියෙනවා කියා ඇමතිතුමා පාරම්බාමින් කියවීම සමාජයේ දෝෂ දර්ශනයට ලක්ව තියෙනවා. ඇත්තටම මොකද්ද ගැටලුව කියලා හදුනාගන්න බැරි කොටසකුත් දැනට පේන්න ඉන්නවා.එදා සිට ලංකාවෙ දේශපාලකයන් හට තමන්ගේ විෂයට අදාල නැති විෂයක් භාරගත්තහම ඇතිවෙන විදිහේ ගැටලුවල දිගුවක් තමයි මෙි සෞඛ්‍යය අර්බුදය. අද වෙත්දි බෙහෙත් විෂ වෙලා මැරෙන මිනිසුන් ගාන කෙමෙන් වැඩිවෙලා තියෙනවා.මෙයට මූලික හේතුව ගෙන්වන ‌බෙහෙත් චෙක් කරන්න ලැබ් එකක් නැති එක කියලා සෞඛ්‍ය අංශයේ කොටසක් කියනකොට තව අය කියන්නෙ ඇත්තටම මෙි ගැන ජනපති කරන දෙයක් නැතිබවයි. ‌

කා කුමක් කීවත් ගැටලුව ඇත්තේ අදාල බලධාරීන් අත බව පැහැදිලිය. එහිදී විශේෂයෙන් ඔවුන් අහිංසක මහජනතාවගේ මුදල් වලින් යැපෙමින් මෙලෙස අමන තීරණ ගැනීම ගැන අපට නම් ඇත්තේ බලවත් අපුලකි. අහිංසක ජනතාව රෝහල් ලෙඩ ඇදේ මැරෙන විට ඇමති කෙහෙලිය පවසන්නේ රෝහල් අසල මල්කඩ ගැනය. රෝහල් අසල මල්වඩම් ගැන මතක් කිරීම ට තරම් ඇමතිට හිත් පිත් නැත. මිය ගිය පේරාදෙනියේ දැරිය තමන්ගේ මිතුරෙක්ගෙ දියණියක් වග කියා කර අරින ඇමති කෙහෙලියගේ පැත්තට හිටගන්න විමලවීර දිසානායක ඇමති ඇස් අන්ධ වුනු තැනැත්තන්ගේ ජීවිත හාස්‍යයට ලක්කරන අතර ඔහු පවසන්නේ තමන් වසර ගණනාවක්ම ආණ්ඩුවෙන් බෙිත් බොන බවයි.

ඉන්දියන් කෙඩිට් ලයින් එකෙන් බාල බෙහෙත් ගන්නට අවසර දුන්නේ කවුද මිය ගිය උන්ගේ මරණ වලට වගකිව යුතු කවුද දෙවන අරගලයට රට සූදානම් කරවීමක්ද. වෙන දේ බලාගෙන සිටින්නට ජනතාවට සිදුව ඇත්තේ මනාප පොරයට තව දුර බැවිනි.

කතුවැකිය

2023/7/20

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

You cannot copy content of this page