Sunday, September 1, 2024
spot_img
Homeසංස්කාරකගෙන්කෑම පාර්සලයටත් ගාන කපන සම්පත්ගේ දෙබඩි පිලිවෙත

කෑම පාර්සලයටත් ගාන කපන සම්පත්ගේ දෙබඩි පිලිවෙත

විටින් විට මාධ්‍ය සංදර්ශන දමන අසේල සම්පත් නැමැත්තා ගැන ඔබ මීට පෙර අසා දැක ඇති.ඔහු විසින් ආපන සංගම් සභාපති ලෙස බෝඩ් ගසාගෙන සිදුකරන මරාලය ගැන ‌වටහාගැනීමක් ජනතාව ලෙස අපට නැත. මොහු ගේ සංගම් අට්ටාලයට ජනතාවගේ දුක නම් පේන්න නැත. ඒ වෙනුවට මොහු කරන්නේ කිසියම් භාණ්ඩයක් වැඩිවුනු අවස්ථාවක මාධ්‍යට පැමිණ තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා එහෙත් සියල්ල වැරදි ලෙස සිදුකරන්නේ ආණ්ඩුව බවය.එහෙත් එය එසේ නොවන බව ඔවුන් පැහැදිලි කරගත යුුතුමය.දැන් ඔවුන් පවසන්නේ ජලය වැඩි වුනු විට නැවතත් කෑම පාර්සලයක මිල වැඩිකල යුත්තේ ඇයි ද යන්න අපට ගැටලුවකි. අප දකිනා ආකාරයට මෙම ආපන ශාලා හිමියන්ගේ සංගමය හුදෙක් සිදුකරන්නේ දේශපාලන කොන්තරාත්තුවක් බවට ජනතාවට දැන් දැන් වැටහී ඇත. අසේල ගේ ජීවිතය ගැන කතාව ඔහුගේ අතීතය ඔහු නාවික හමුදාවෙි වැඩකරන කාලය තෙක් යන අතර ‌අසේල නාවික හමුදාවෙි කල මුදල් අකටයුත්තක් නිසාම ඔහුව එයින් ඉවත්කර ඇති අතර පසුකාලයේ ආප්ප කඩයක් දමාගෙන වැඩ කර ඇත.මෙි ටික කාලයට ඔහු විසින් සිදුකරන ලද මෙම වචන නිසාම පසුකාලයේ දේශපාලකයෙකු නිසා මෙලෙස සබයට එන අතර අසේල සිවිල් බලය ගොඩනගා ගන්නේ එලෙස‌ය.

කෙසේ වෙතත් රජය මෙි සම්බන්ධයෙන් මැදිහත් නොවී සිදුකරන ලද මෙවන් සංවිධාන හරහා දේශපාලන අරමුණු වෙත යාමට ඔවුන්ට ලෙහෙසියෙන් ඉඩ සලසා ඇත.රටෙි නිශ්චිත ආහාර පිලිවෙතක් නැති යුගයට හදිසියේ ආහාර කඩ වලට කඩා පනින කොටසකින් පමණක් රටෙි ගැටලු නැති කරන්නට නොහැක. එසේම බඩු මිල වැඩි හෝ අඩු කිරීමෙි සහනය ජනතාව වෙත ගලා යාම වලක්වන මෙවන් පුද්ගලයන්ගේ සංවිධානවලට පවතින නෛතික බලපුළුවන්කාරකම ගැන අප විසින් සොයා ගත යුතුමය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

You cannot copy content of this page