පසුගිය දිනවල කතාබහට ලක්වූ අලුත්ගම කන්දෙවිහාරයේ ”මුතුරාජා” නම් ඇතා හට ශ්‍රී ලංකාවේ දී දැක්වූ නොමනා සැලකිලි නිසා නැවතත් තමන්ගේ මවුරට වූ තායිලන්තයට කැඳවාගැනීමට එරට බලධාරීන් තීරණය කළා. එසේ ඒම ඇතා රැගනෙ යාමට පැමැණි නියෝජිත පිරිස තවත් තායිලන්ත රජයේ පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් ඇතෙක් පිළිබඳව සොයබැලීමට එම ඇතා සිටි ස්ථානයට ගියත් එම ඇතා සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සගවා ඇති බවට තායිලන්ත මාධ්‍ය ඊයේ (03) වාර්තා කර සිටියා.
මෙසේ වාර්තා කර ඇති තායි පී.බී.එ වෙබ් අඩවියෙන් කියා සිටින්නේ තායි දූත පිරිස ඇතා බැලීමට පැමිණෙන කලින්ම දන්වා සිටි බැවින් එම ඇතා වෙනත් ස්ථානයකට ගෙන ගොස් සගවා තැබීමට කටයුතු කර ඇති බවයි. 2001 වසරේ දී තායිලන්තයේ දී සක්සුරින් ලෙස හැදින්වූ මුතු රාජා සමග ලබාදුන් තායිලන්තයේ දී ප්‍රතුපා නමින් හැදින්වූ තායි රාජා නම් ඇතෙකු බවයි වාර්තා කර සිටින්නේ. මේ බව මුතුරාජා රැගෙන යාම සම්බන්ධීකරණය කිරීමට පැමිණි තායිලන්ත හිටප අමාත්‍යවරියක වන කාන්ජනා ශීල්පා ද සිය මුහුණුපොතේ සටහන් කර තිබෙනවා.
තායිරාජා (තායිලන්තයේදී ප්‍රතුපා) බැලීමට ඒම ඇතා සිටි විහාරස්ථානයට ගිය ද තායිරාජා එහි නොමැති බව පවසමින් තමන්ට ඇතා බැහැදැකීමට බලධාරීන් අවස්ථාව ලබා නොදුන් බව ත් ඇය තවදුරටත් ඇය මුහුණුපොතේ සටහන් කර සිටිනවා.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාවට ලබා දී ඇති කණ්ඩුල සහ තායිරාජා ද නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමට එරට සාමාන්‍ය ජනතාව අතර බලවත් රැල්ලක් ගොඩනැගෙමින් පවතින බවද එරට මාධ්‍ය වාර්තාකර සිටිනවා.